hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 අගෝස්‍තු 29, ප.ව. 8:13



යුක්‍රේනයේ F-16 නියමුවකු බව කියන ඔලෙක්සේයි මේස්යා නම් ගුවන් නියමුවා පසුගියදා මරණයට පත්වූ බව බටහිර යුක්‍රේනයේ ලුත්ස්ක් නගරයේ නගරාධිපති ඉවෝර් පොලිස්‍ෂුක් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සටහන පසුව ඔහු විසින් ඉවත් කරගෙන තිබෙන බවයි පෙනී යන්නේ.

ඔහු සඳහන් කර තිබූ ලෙසට ලුතිනන් කර්නල් ඔලෙක්සේයි මේස්යා අගෝස්තු 26 වනදා මෙහෙයුමක් අතරතුරදී මියගොස් තිබෙනවා.

අගෝස්තු 26 වනදා යුක්‍රේනයට එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරය අතරතුර දී F-16 යානා සටනට යෙදවූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම යුක්‍රේනයේ F-16 යානා රඳවා තිබෙන බව සැක කෙරෙන කලමියා ගුවන් තොටුපලට අගෝස්තු 26 වනදා රුසියානු ප්‍රහාරයක් එල්ල වූ බව ද වාර්තා වුණා.