hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 පෙබරවාරි 01, ප.ව. 11:20



යුරෝපා පාර්ලිමේන්තුව අසළ අද සිදුවූ ගොවි උද්ඝෝෂණ අතරතුර ගොවීන් ගොම පොහොර සහ වෙනත් දෑ ගිනි තබමින් ද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට බිත්තර ප්‍රහාර එල්ල කරමින් ද විරෝධය දක්වා ඇතැයි වාර්තා වනවා.

මේ අතර ප්‍රංශයේ ද අදත් විශාල ගොවි උද්ඝෝෂණ වාර්තා වුණා.

පසුගිය සමයේ යුරෝපයේ ගොවීන් විසින් ගෙනගිය උද්ඝෝෂණ මේ වනවිට ප්‍රබල තත්ත්වයකට පත්ව තිබෙනවා. පාරිසරික නීති රීති හේතුවෙන් වන අපහසුතා මෙන්ම සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම ඔවුන් ඉදිරිපත් කරන මූලික දුක්ගැනවිලි අතර වනවා.

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයට මාස හතරක් පමණක් පවතින සමයක මෙය කලාපයේ දේශපාලනයට ද ඍජු බලපෑමක් කළ හැකි වන කරුණක් බවයි විචාරකයන් පවසන්නේ.