2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:56
පාපන්දු ලෝක කුසලානයේ ශත සංවත්සරය පැවත්වෙන 2030 වසරේදී විශේෂ ලෝක කුසලාන තරගාවලියක් පවත්වන බව ලෝක පාපන්දු සම්මේලනය පවසනවා.
එම සම්මේලනයේ සභාපති ජියන්නි ඉන්ෆන්තිනෝ විසින් කළ නිවේදනයක දැක්වුණේ මෙම තරගාවලිය මහාද්වීප තුනක රටවල් හයකදී පැවැත්වෙන බවයි.
යුරෝපයේ ස්පාඤ්ඤය සහ පෘතුගාලයත්, අප්‍රිකාවේ මොරොක්කෝවත් තරගාවලියේ සත්කාරකයින් වන අතර දකුණු ඇමරිකාවේ උරුගුවේ, ආර්ජන්ටිනා සහ පැරගුවේ රටවලට ආරම්භක තරගය බැගින් ලැබෙනු ඇති.
1930 සමාරම්භක පාපන්දු ලෝක කුසලානයේ ජය එවර සත්කාරකයන් වූ උරුගුවේ වෙත ලැබුණ අතර ආර්ජන්ටිනාව අනු ශූරයන් වුණා. තවද, දකුණු ඇමරිකානු පාපන්දු ෆෙඩරේශනයේ මූලස්ථානය පිහිටියේ පැරගුවේ රාජ්‍යයේ යි.
2030 තරගාවලියේ පළමු තරගය උරුගුවේ හි මොන්ටෙවීඩියෝ නුවරදී පවත්වනු ලබනවා. 1930 තරගාවලියේ තරග පැවතියේ ද එම නගරයේයි.
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38
2025 ජූලි 28, ප.ව. 6:23
2025 ජූලි 28, ප.ව. 6:06
2025 ජූලි 25, පෙ.ව. 8:30