2023 අගෝස්‍තු 18, පෙ.ව. 7:07
2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ නාමයෝජනා දිනාගැනීමේ සටනට අදාළ පළමු විවාදය ලබන සතියේ පැවැත්වෙනවා.
මෙය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අභියෝග කරන අපේක්ෂකයන්ට තම හැකියාව ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලෙස ගත හැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
දැනට වාර්තාවන සමීක්ෂණ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙකුත් සියළු අපේක්ෂකයන් අභිබවා ජනප්‍රිය අපේක්ෂකයා ලෙස මතුව සිටිනවා. කෙසේ වෙතත් ඔහු මේ වනවිටත් විවිධ අපරාධමය නඩු කිහිපයක චූදිතයකු බවට පත්ව තිබෙනවා.
රිපබ්ලිකන් පක්ෂය පවසන පරිදි මෙම පළමු විවාදයට සහභාගී වීමට අපේක්ෂකයකුට සමීක්ෂණවලදී සියයට 1 ඉක්මවූ ප්‍රසාදයක් සහිත බව පෙනෙන්නට තිබිය යුතු අතර තනි තනි වශයෙන් 40,000 කට ඉක්මවූ පිරිසකගේ ආධාර මුදල් ලැබී තිබිය යුතුයි.
දැනට වාර්තාවන පරිදි අපේක්ෂකයන් අට දෙනෙකු මෙම විවාදයට සුදුසුකම් ලැබ ඇතැයි සඳහන්. ට්‍රම්ප් ඊට සහභාගී වන්නේදැයි තහවුරු වී නැහැ.
අනෙකුත් අපේක්ෂකයන් අතර ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩි සැන්ටිස්, හිටපු උප ජනාධිපති මයික් පෙන්ස්, දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නික්කි හේලි, දකුණු කැරොලිනා සෙනට් සභික ටිම් ස්කොට්, හිටපු නිව් ජර්සි ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි යනාදීන් වනවා.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46