hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 25, ප.ව. 3:23



දකුණු ලෙබනනයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ සටන්වලදී ඊශ්‍රායල සෙබළුන් පස්දෙනකු මියගොස් තවත් 19 දෙනකු තුවාල ලබා තිබෙනවා.

මියගිය සෙබළුන් පස්දෙනාම 8 වන සන්නාහ සන්නද්ධ බ්‍රිගේඩයේ 89 වන බැටෑලියනයට අයත් අය යි. ඒ අතර එම බැටෑලියනයේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ද වුණා. ගොඩනැගිල්ලක් වෙත එල්ල වූ හිස්බුල්ලා රොකට් ප්‍රහාරයකින් ඔවුන් මියගිය බවයි වාර්තා වන්නේ. තවත් පිරිසක් එම සිද්ධියේදී තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තුවාල ලැබූ බව සඳහන් සෙබළුන් 19 දෙනාගෙන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව ඊශ්‍රායල හමුදා සඳහන් කරනවා.