2022 අප්‍රේල් 17, ප.ව. 2:04
මේ වන විට ආසියානු කලාපීය රටක් වන පිලිපීනයට ධාරානිපාත වැසි හා ලැබෙමින් පවතිනවා.
ඒ සමගම කුණාටු තත්ත්වයක්ද ඇතිව තිබෙනවා.
සිදු වූ හානිය
එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නාය යෑමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 167 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් 110 දෙනකු අතුරුදන්ව තිබෙනවා.
නායයෑම් හේතුවෙන් පිලිපීන ජාතිකයන් ලක්ෂ 19 ක් පීඩාවට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ධාරානිපාත වර්ෂාවට අමතරව පැයට කිලෝ මීටර් 65 ක වේගයෙන් හමාගිය සුළඟෙන්ද ජනතාව පීඩාවට ලක්ව තිබෙනවා.
මාස හතරකට පෙර
එම කුණාටුවට “මෙගී” (MEGI) යන අන්වර්ථ නාමය ලබාදී තිබෙනවා.
මීට මාස 4කට පෙරද මෙවැනිම වැසි හා කුණාටු හේතුවෙන් පිලිපීන ජාතිකයින් 375 දෙනකු මිය ගොස් ලක්ෂ 5කට අධික ජනගහනයක් පීඩාවට පත් වුණා.
එම කුණාටුව හැදින්වූයේ “රායි” (RAI) යන අන්වර්ථ නාමයෙන්.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 11:27
2025 ඔක්‍තෝබර් 25, ප.ව. 4:24
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:22
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26