hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 16, ප.ව. 7:40



හිටපු ප්‍රංශ ජනාධිපති ෆ්‍රංශුවා ඔලන්ද් තමන් ඉදිරි මහමැතිවරණයට තරග කරන බව ඊයේ නිවේදනය කළා.

සමාජවාදී පාක්ෂිකයකු වන ඔලන් ද් 2017 දී ජනාධිපති ධුරය හැරගියේ දෙවන ධුර කාලයක් සඳහා තරග කිරීමෙන් තොරවයි. ඔහුගේ ජනප්‍රසාදය බරපතල ලෙස කඩාවැටීම ඊට හේතුව වුණා.

අන්ත දක්ෂිනාංශයේ නැගීම හේතුවෙන් තමා මෙවර තරග බිමට පිවිසෙන බව ඔලන්ද් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ඔහුගේ නිවේදනය ඔහුගේ පක්ෂයේම සාමාජිකයන් පුදුමයට පත්කළා. අලුතින් පිහිටවාගත් නව ජනතා පෙරමුණ වාමාංශික සන්ධානයේ ඇතැම් පක්ෂ ද ඔහුව අතීතයේදී දැඩි ලෙස විවේචනය කළ අයයි. එමෙන්ම ඔහුගේ යළි පැමිණීම ඇතැම් ප්‍රංශ සමාජවාදී පාක්ෂිකයන්ගේ ද අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ සම්ප්‍රදායික පාර්ලිමේන්තු ආසනය සඳහා ඔලන්ද් තරග කරන අතර එහි තරග කිරීමට නියමිත වූ වාමාංශික අපේක්ෂකයා ඔහුට ඉඩ දී ඉවත් වූ බවයි වාර්තා වූයේ.