hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 ජූනි 12, ප.ව. 5:29



අද දින ඉන් දියාවේ අහමදාබාද් හිදී සිදුවූ ගුවන් අනතුර අවස්ථාවේ එම යානයෙහි සිටි මගීන් 230 දෙනා අතර හිටපු ගුජරාට් මහ ඇමතිවරයකු වන විජේ රූපානි ද වූයේ යැයි විශ්වාස කෙරෙනවා.

1956 දී එවකට බුරුමයේ රැන්ගූන් හි උපන් විජේ රූපානි බනියා වෙළෙඳ ප්‍රජාවට අයත් පවුලක අයෙක්. බුරුමයේ දේශපාලන අස්ථාවරත්වය මත ඔහු කුඩා කාලයේ ඔහුගේ පවුල යළි ගුජරාටයට පැමිණි බවයි සඳහන් වන්නේ. තරුණ කල සිටම රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් සහ එයට අනුබද්ධ ශිෂ්‍ය අංශය වන අඛිල් භාරතීය විද්‍යාර්ථි පරිශදය සමග සම්බන්ධව සිටි රූපානි 1976 දී කලක් හදිසි නීති තත්ත්වය යටතේ සිරගතව ද සිටියා. 1980 සිට භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධව කටයුතු කළ ඔහු කලක් එහි ගුජරාට් ප්‍රාන්ත ලේකම් ලෙස ද කටයුතු කළා.

2006-12 සමයේ රාජ්‍ය සභාව නියෝජනය කළ රූපානි 2014 සිට රාජ්කොට් බටහිර ආසනයෙන් ගුජරාට් ප්‍රාන්ත සභාව නියෝජනය කළා. 2016-21 සමයේ එහි මහ ඇමති ලෙස ද රූපානි කටයුතු කළා.