2023 නොවැම්‍බර් 05, ප.ව. 8:10
වැග්නර් පුද්ගලික මිලිටරි සමාගමෙහි සෙබළුන් ව සිටි පිරිසක් නැවත යුක්‍රේන යුද්ධයෙහි දොන්බාස් ප්‍රදේශයේ සටන් සඳහා එක්ව ඇතැයි වාර්තා වනවා.
මෙම පිරිසෙහි සංඛ්‍යාත්මක අගය පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. එහි ප්‍රධානියා පවසා ඇත්තේ තමන් විසින් කරමින් සිටි කාර් යය අවසන් කිරීම සඳහා තම ඒකකය යළි පැමිණ සිටින බවයි.
මෙම ඒකකය “කමෙර්තන්” යන නමින් හඳුන්වන බව වාර්තා වන අතර ඔවුන් අක්මත් චෙචන් බලකාය යටතේ කටයුතු කරන බව සඳහන් වනවා. අක්මත් බලකාය රම්සාන් කදීරෆ්ගේ චෙච්නියානු හමුදාවයි.
වැග්නර් සටන්කාමීන් පසුගිය ජූනි මාසයේදී කැරැල්ලක් දියත් කළ අතර එය ඉතා කෙටි කලක් ඇතුලත අවසන් වුණේ බෙලරූස් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝගේ මැදිහත්වීමෙන්. ඉන් සති කිහිපයකට පසු වැග්නර් ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගුවන් අනතුරකින් මරණයට පත්වුණා.
2025 අගෝස්තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38