hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 16, ප.ව. 1:32



ඇමරිකානු සහ රුසියානු නිලධාරීන් යුරෝපයේ සහභාගීත්වයකින් තොරව යුක්‍රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා ඇරඹීමට යොමුවන පසුබිමක යුක්‍රේනය පිළිබඳ හදිසි රැස්වීමක් කැඳවීමට යුරෝපීය රටවල් තීරණය කර ඇතැයි පෝලන්ත විදේශ අමාත්‍ය රදොස්ලාව් සිකෝර්ස්කි පවසනවා.

මෙම රැස්වීම පෙබරවාරි 17 වනදා ප්‍රංශයේදී පැවැත්වෙනු ඇති.

මියුනික් ආරක්ෂක සමුළුව අද අවසන් වනු ඇති අතර යුක්‍රේනය පිළිබඳ ට්‍රම්ප්ගේ නියෝජිත කීත් කෙලොග් නුදුරේදීම යුක්‍රේනයේ සංචාරය කිරීමට ද නියමිතයි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන අර්බුදය පිළිබඳ රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් සමග පසුගියදා සාකච්ඡා කළා. නමුත් රුසියානු සහ ඇමරිකානු නිලධාරීන් සාකච්ඡා ඇරඹීමට සූදානම් වීම යුක්‍රේනයේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා. තමන් නොමැතිව තම රට පිළිබඳ සාකච්ඡා නොකළ යුතු බවයි යුක්‍රේනය පවසන්නේ.

යුද්ධය නැවත්වීම සඳහා යුක්‍රේනය සහ රුසියාව යන දෙපාර්ශවයම යම් යම් දේ අතහැරිය යුතු වේ යයි කෙලොග් පෙබරවාරි 15 වනදා ප්‍රකාශ කළා. රුසියාව අයිතිය කියන ඇතැම් ප්‍රදේශවලින් ඉවත් වීම​, නැවත බලහත්කාරය භාවිතයෙන් ප්‍රදේශ අල්ලාගැනීමට උත්සාහ නොකිරීම සහ චීනය​, ඉරානය​, උතුරු කොරියාව සමග ඇති සන්ධානයන් ගෙන් ඉවත් වීම එම කොන්දේසි අතර තිබිය හැකි යයි ඔහු සඳහන් කර සිටියා.