hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජනවාරි 09, ප.ව. 11:41



ප්‍රංශ අගමැති ධුරය සඳහා එරට හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වන ගේබ්‍රියල් අත්තාල් පත් කිරීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් තීරණය කළා.

මේ අනුව 34 හැවිරිදි අත්තාල් එරට ඉතිහාසයේ ලාබාලම අගමැති මෙන්ම පළමු සමරිසි අගමැති බවට පත්ව තිබෙනවා.

නව අගමැතිවරයකු පත්කිරීමට හේතු වූයේ හිටපු අගමැතිණි එලිසබත් බෝර්න් ඉල්ලා අස්වීම නිසයි. බෝර්න්ගේ ආණ්ඩුව ජනතාව අතර බරපතල ලෙස අප්‍රසාදයට පත්ව තිබුණා. පසුගිය වසරේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව පනත් සම්මත කළ හැකි වන ප්‍රතිපාදනයක් යොදාගත් ඇය එම නිසාද සැලකියයුතු අප්‍රසාදයකට පත්වුණා. මේ වනවිට උද්ධමනය සහ සංක්‍රමණික ප්‍රශ්නය සම් බන් ධව කටයුතු කිරීමේදී අසාර්ථක වීම ද ඇය විවේචනය වීමට හේතු වී තිබෙනවා.

එම්මානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ අත්තාල්ගේ තරුණ ජවය ආණ්ඩුවට නැවත පණදීමට හේතු වනු ඇති බවයි.