2023 අගෝස්‍තු 29, පෙ.ව. 7:52
නිජර් හමුදා පාලනය එරට ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටවන ලෙස දැන්වූවද තානාපතිවරයා දිගටම නිජර් හි රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.
ඔහු සඳහන් කළේ තමන් නිජර් හි හමුදා පාලනය වෙතින් ලැබෙන නියෝග පිළිනොගන්නා බවයි. නිජර් හි නිත්‍යනුකූල ජනාධිපතිවරයා මොහොමඩ් බසූම් බවත් තමන් ඔහුට සිය සහය දක්වන බවත් මැක්‍රොන් පවසනවා.
ප්‍රංශය සිය රටෙහි අවශ්‍යතාවන්ට පටහැනි ලෙස කටයුතු කරන බැවින් ප්‍රංශ තානාපතිවරයාට පැය 48 ක් තුළ රටින් පිටවන ලෙස නියම කරන බව නිජර් හමුදා පාලනය පසුගිය සිකුරාදා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ සිය විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධාන දේශනයක් අතරතුර මැක්‍රොන් ප්‍රකාශ කළේ තමන් එම නියෝග පිළිනොගන්නා බවයි. මෑත කාලයේදී ඇතැම් ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රිකයන්ට අපහසු තත්ත්වයන් යටතේ කටයුතු කිරීමට සිදුවූ බවත් එම අවස්ථාවල ඔවුන් ඉතා හොඳින් සිය රාජකාරි කළ බවත් මැක්‍රොන් මතක් කර සිටියා.
මේ අතර නිජර් පාලනය සමග දේශපාලනික විසඳුමක් කරා ළඟාවීමට බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව (ECOWAS) උත්සාහ ගනිමින් සිටිනවා. එය අසාර්ථක වුවහොත් තමන් නිජර් හි හමුදාමය මැදිහත්වීමක් වුවද කිරීමට සූදානම් බවයි එම සංවිධානය පවසා සිටින්නේ.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38