hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 12, ප.ව. 12:50



ප්‍රංශයේ එළඹෙන මැතිවරණයේදි වමේ පක්ෂ එක්සත්ව තරග කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව 2022 මැතිවරණයට තරග කළ නූපේස් සන්ධානයටත් වඩා පුළුල් සන්ධානයක් මෙවර ඇතිවීමේ අවකාශයක් නිර්මාණය වී තිබෙනවා. මෙම සන් ධානයට එරට සමාජවාදී පක්ෂය​, යටහත් නොවූ ප්‍රංශය පක්ෂය​, කොමියුනිස්ට් පක්ෂය​, පරිසරවේදී පක්ෂය යනාදී දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර ගණනාවක් එක්ව තිබෙනවා.

2022 මහමැතිවරණය සඳහා ද මෙසේ වමේ පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් නූපේස් සන්ධානය පසුකාලීනව ඇතිවූ මතභේද හේතුවෙන් විසිරී ගියා.

ජාතිකවාදී අභියෝගය හමුවේ මෙසේ තමන් එක්වන්නට තීරණය කළ බවයි මෙම සන්ධානයේ ප්‍රධාන සාමාජිකයන් පවසන්නේ. මෙම සන්ධානය නව ජනතා පෙරමුණ නමින් නම්කර තිබෙනවා.

මේ අතර ජාතිකවාදී කඳවුරේ ද එකමුතුවක් පිළිබඳ කතාබහක් ඇතිවී තිබෙනවා. රීකොන්ක්වෙස්ට් පක්ෂයේ මරියාන් මරෙශාල් සිය පුංචි අම්මා වන ජාතික රැළියේ මාරීන් ලෙ පෙන් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර රිපබ්ලිකන් පක්ෂයේ නායක එරික් සියොට්ටි විසින් තම පක්ෂය ජාතික රැළිය සමග සන්ධානගත විය යුතු යයි කළ ප්‍රකාශය පිළිබඳ පක්ෂය තුළම විවේචන ඇතිවෙමින් තිබෙනවා. ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමේ අවකාශයක් ඇති බවයි ප්‍රංශයෙන් ලැබෙන වාර්තා කියා සිටියේ.