hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 9:04



ඊයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී G-20 රාජ්‍ය නායක සමුළුව ආරම්භ වුණා. මෙම අවස්ථාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිඳගෙන සිටි අසුන ඉදිරියේ වෙනුවට යයි නම් කළ නාම පුවරුවක් තිබීමෙන් නැවත වරක් ඉන්දියාවේ නම වෙනස් කිරීම පිළිබඳ විවාදය කරළියට පැමිණියා.

මෙම විවාදය මීට දින කිහිපයකට පෙර නැගුණේ ඊයේ පැවැත්වීමට නියමිත වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහා යවූ ආරාධනාපත්‍රවල “භාරතයේ ජනාධිපති” ලෙස සඳහන්ව තිබීමත් සමගයි.

ඉන්දියාවේ ඇතැම් විපක්ෂ දේශපාලකයින් මෙය හැඳින්වූයේ ඉන්දියාවේ ප්‍රාන්ත අතර එකමුතුවට පහර ගැසීමේ උත්සාහයක් ලෙසයි. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන වගන්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ යයි ද චෝදනා කරනු ලැබුණා.

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ “ඉන්දියාව​, එනම් භාරතය​, ප්‍රාන්තයන් හි එකමුතුවක් වන්නේ ය​” යනුවෙන්. ඒ අනුව භාරත් යන නම ද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන්. භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කරන්නේ ඉන්දියාව හෝ භාරතය හෝ යන නම් දෙකම භාවිතා කිරීමේ වරදක් නොවන බවයි. එමෙන්ම​ ඉන්දියාවේ ප්‍රධාන ස්වදේශීය භාෂා බොහොමයකින් ඉන්දියාව හඳුන්වන්නේ භාරත් යනුවෙන්.