2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 2:20
අප්‍රිකාවේ ගැබොන් රාජ්‍යයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය බලාපොරොත්තු කඩවීමක් සහ බොංගෝ පවුලේ ගනුදෙනුවක් බව ඉකුත් දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා වූ ඇල්බෙයා ඔන්ඩෝ ඔසා පවසනවා.
ඔහු පවසා සිටින්නේ තමන් වෙතින් බලය ගිලිහෙන බව දුටු අලී බොංගෝ වෙනත් ආකාරයකින් බලය ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ බව යි.
අගෝස්තු 26 වනදා පවත්වන ලද මැතිවරණය අලී බොංගෝ ජයගත් බව නිල වශයෙන් නිවේදනය කෙරුණ අතර ඔහුට සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලැබුණ බව සඳහන් වුණා. ඔසාට සියයට 30 ක් පමණ වූ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා.
කෙසේ වෙතත් මෙම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ හමුදාව නිල ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයකට පසුව බලය අල්ලාගත්තා. නව හමුදා පාලක කමිටුවේ ප්‍රධානියා වූයේ ජනාධිපති ආරක්ෂක බලකාය වූ රිපබ්ලිකන් බලකායේ ප්‍රධානී ජෙනරල් බ්‍රයිස් ඔලිගි න්ගේමා යි. ඔහු අලී බොංගෝගේ ඥාති සහෝදරයෙක් වනවා.
අලී බොංගෝගේ පියා වූ ඔමාර් බොංගෝගේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කලක් කටයුතු කර ඇති ඔසා සඳහන් කළේ තමා ගැබොන් හි දේශපාලන තත්ත්වය කලක් තිස්සේ නිරීක්ෂණය කරන බවයි. න්ගේමාගේ නැගීම ද ඔහු කලක් තිස්සේ දුටු බවයි ඔසා පවසන්නේ. තවද නොබෝදා අවසන් වූ ජනාධිපතිවරණයේ නියම ජයග්‍රාහකයා ද තමා බව ඔසා අවධාරණය කළා.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46