hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 7:25



ගැබොන් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයෙහි නායකයා වන ජෙනරල් බ්‍රයිස් ඔලිගි න්ගේමා ඊයේ එරට නව අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

ලිබ්‍රවිල් අගනුවරදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ විනිසුරන් ඉදිරියේ දිවුරුම් දුන් ඔහු ජනරජය සුරකින බවටත් නිදහස් හා විනිවිදභාවයෙන් යුතු මැතිවරණයක් පවත්වන බවටත් පොරොන්දු වුණා. කෙසේ වෙතත් ඔහු මැතිවරණ පවත්වන දිනයක් පිළිබඳ ප්‍රකාශ කළේ නැහැ.

හමුදාව බලය අල්ලාගැනීම පිළිබඳ ඔහු කියා සිටියේ තමන්ට විකල්ප දෙකක් තිබුණු බවයි. අගෝස්තු 26 වනදා පවත්වන ලද මැතිවරණය දූෂිත වූ බව පෙන්වා දුන් ඔහු එහි ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ජනතාව වීදි බැසීම අනිවාර්යයෙන් සිදුවන්නට තිබුණු බවත්, එවිට පැවති ආණ්ඩුව ආරක්ෂා කිරීමට ජනතාව මර්දනය කිරීමට සිදුවන්නට තිබුණ බවත් ඔහු පැවසුවා. අනෙක් විකල්පය වූයේ එම දූෂිත මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමයි. එහෙයින් ඔවුන් දෙවන පියවර ගත් බවයි න්ගේමා පැවසූයේ.

නව ආණ්ඩුවක් ඉදිරි දින කිහිපයේදී පත්වනු ඇති බවත් නව ව්‍යවස්ථාවක් පිළිබඳ ජනමත විමසුමක් පැවැත්වීමටත් නව මැතිවරණ නීති, නව දණ්ඩ නීති සංග්‍රහයක් සහ නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම දේශපාලන හේතු මත රටින් පිටව සිටින්නන්ට යළි පැමිණීමේ අවස්ථාව ලබාදීම සහ සිරගත කරන ලද්දන් නිදහස් කිරීම කෙරෙහි ද සිය අවධානය යොමුවන බව ඔහු කියා සිටියා.