hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 30, ප.ව. 6:14



බටහිර අප්‍රිකාවේ ගැබොන් රාජ්‍යයේ බලය අල්ලාගත් හමුදා කමිටුවෙහි ප්‍රධානියා එරට ජනාධිපති ආරක්ෂක බලකායේ ප්‍රධානී ජෙනරල් බ්‍රයිස් ඔලිගි න්ගේමා (Brice Oligui Nguema) බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති අලි බොංගෝ නිවාස අඩස්සියට පත්ව ඇති බවයි සඳහන් වූයේ. ඔහු සිය නිල නිවසෙහි සිට වීඩියෝ පණිවිඩයක් මගින් මේ බව තහවුරු කළා.

අලි බොංගෝගේ පුත්‍රයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර එරට මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

අලී බොංගෝ බටහිරට ලැදි පාලනයක් පවත්වාගෙන ගිය අතර නව හමුදා පාලනය කවර ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇතිදැයි මෙතෙක් පැහැදිලි නැහැ.

උප සහරානු අප්‍රිකාවේ සිව්වන විශාලම ඛනිජ තෙල් නිෂ්පාදකයා ද ඔපෙක් සංවිධානයේ සාමාජිකයකු ද වන ගැබොන් රාජ්‍යය ලොව දෙවන විශාලම මැංගනීස් නිෂ්පාදකයා යි.