hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 ජනවාරි 08, ප.ව. 12:13



ඉන්දියාවේ ව්‍යාපාරික ගෞතම් අදානි නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු විසින් සිදුකරන ලද අක්‍රමිකතා පිළිබඳ චෝදනා නගමින් හින්ඩන්බර්ග් ආයතනය විසින් පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවෙන් පසුව ඔහුගේ වත්කම් විශාල වශයෙන් පහත වැටුණා. ඔහුගේ සමාගම්වල කොටස් මිල පහළ යාම ඊට මූලික හේතුව වුණා.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොබෝදා අදානිට පක්ෂව ලබාදුන් තීන්දුවෙන් අනතුරුව යළිත් ඔහුගේ වත්කම් ඉහළ ගියා. මේ වනවිට එහි අගය ඩොලර් බිලියන 97.6 ක් බවයි බ්ලූම්බර්ග් ආයතනය පවසන්නේ.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි මුකේෂ් අම්බානි ඩොලර් බිලියන 97 ක වත්කම් සහිතව දෙවන ස්ථානයෙහි රැඳී සිටිනවා.