hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:35



ඊයේ දින ඊශ්‍රායලයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදා විසින් ගාසා තීරයේ ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 1,600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට විදුලි සැපයුම කප්පාදු කර ඇති හෙයින් සෞඛ්‍ය බලධාරීන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. ඖෂධ හිඟය ද තවත් එක් බරපතල ගැටළුවක්. එහෙයින් තවත් බොහෝ මරණ වාර්තා විය හැකි බවයි ගාසා බලධාරීන් පවසන්නේ.

මේ අතර ඊයේ ඊශ්‍රායල ප්‍රහාර මගින් තට්ටු 14 කින් යුත් පලස්තීන් ටවර් ගොඩනැගිල්ල විනාශ වුණා. ඊශ්‍රායලය පවසන්නේ මෙය හමාස් සංවිධානයේ කටයුතු සඳහා යොදාගත් ගොඩනැගිල්ලක් බවයි.

පලස්තීන් ටවර් ප්‍රහාරයට පිළිතුරු ලෙස ටෙල් අවිව් වෙත රොකට් 150 ක් එල්ල කළ බව හමාස් සංවිධානය පැවසුවා. මෙම ප්‍රහාරය එල්ල වූයේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ඊයේ රාත්‍රී 10.30 ට පමණයි.