2023 ඔක්තෝබර් 20, පෙ.ව. 12:01
ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය සඳහා ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා පළවනවා.
කෙසේ වෙතත් නිල වශයෙන් මේ පිළිබඳ තහවුරු කිරීමක් මේ මොහොත වනවිට සිදුව නැහැ. මීට පැය කිහිපයකට පෙර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් සඳහන් කළේ නුදුරේදීම ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සටන් වදිනු ඇති බවයි.
අද රාත්‍රියේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධානත්වයෙන් එරට යුධ කැබිනෙට්ටුව රැස් වුණා. එම සාකච්ඡාවන් මේ මොහොත වනවිට ද පැවැත්වෙන බවත් මාධ්‍ය වාර්තා පවසනවා.
ගාසා තීරය සීමාවේ 300,000 ක් ඉක්මවූ යුධ හමුදා සේනාංකයන් සහ යුධ ටැංකි මෙන්ම සන්නාහ සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් ඒකරාශී කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16