hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 13, ප.ව. 3:18



ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ගාසා තීරයේ උතුරුදිග ප්‍රදේශයේ වැසියන් මිලියන 1.1 ක ප්‍රමාණයකට දකුණුදිගට සංක්‍රමණය වන ලෙස දන්වා තිබෙනවා.

අද උදෑසන​ වාර්තා වූයේ පැය 24 ක් තුළ මෙසේ ඔවුන්ට පිටවන්නට දන්වා සිටි බවයි. කෙසේ වෙතත් පසුව ඊශ්‍රායල ආරක්ෂක ප්‍රකාශක යොනතන් කොන්රිකස් කියා සිටියේ එවන් දින වකවානු තුළ මෙසේ ජනතාවට පිට වීම අපහසු බව තමන් දන්නා බවයි. කෙසේ වෙතත් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගත යුතු බව ඔහු පවසනවා.

ත්‍රස්තවාදීන් ජනතාව මිනිස් පළිහක් ලෙස යොදාගන්නා බවත් එයට සිවිල් ජනයා ඉඩ නොදිය යුතු බවත් කොන්රිකස් පවසා සිටිනවා.