hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 11:21



ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය වටලා ඇති බවට වාර්තා වනවා. ඔවුන් පවසන්නේ ගාසා තීරය වෙත ආහාරපාන සහ අනෙකුත් ද්‍රව්‍ය සැපයීම සහමුලින්ම අවහිර කරන බවයි.

මේ අතර ගාසා තීරය වෙත දිගටම ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආසන්න ප්‍රදේශයන් හි ඒකරාශී වී සිටින බව ද දැනගන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ වනතෙක් ගාසා තීරය වෙත යුධ හමුදා යැවීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ අතර ලෙබනන – ඊශ්‍රායල දේශසීමාවේ තත්ත්වය ද උණුසුම් ව තිබෙනවා. අද දින සවස් යාමයේ කිසියම් පිරිසක් ලෙබනනය දෙසින් ඊශ්‍රායලයට ඇතුල් වූයේ යයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කළා. ඔවුන්ගෙන් දෙදෙනකු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය බවයි දැනගන්නට ලැබෙන්නේ.