hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 8:41



ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය හෙට උදෑසන සිට ක්‍රියාවට නැගෙන බව කටාර් රාජ්‍යය පවසනවා.

එය අද දින ක්‍රියාවට නැගේ යයි බලාපොරොත්තු පළවී තිබුණද අවසන් මොහොතේ සිදු වූ සාකච්ඡා හේතුවෙන් එය හෙට දිනට කල් ගියා.

දින හතරක සටන් විරාමය තුළදී දිනකට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 200 ක් ගාසා තීරයට ඇතුල්වීමට නියමිතයි.

එමෙන්ම නිදහස් කෙරෙන එක් ඊශ්‍රායල ප්‍රාණ​ඇපකරුවකුට පලස්තීන සිරකරුවන් තිදෙනා බැගින් නිදහස් කිරීමට ඊශ්‍රායලය එකඟ වූ බව ද වාර්තා වනවා.