hit counter

2025 ඔක්‍තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26



ගාසා යුද්ධය අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළා.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව සඳහන් කළේ.

හමාස් සංවිධානය අවි බිම තබනු ඇතැයි ද ඔහු සඳහන් කළේ යැයි වාර්තා වුණා.

මේ අතර හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ජීවතුන් අතර සිටින සියලු දෙනා මේ වනවිට රතු කුරුස සංවිධානය භාරයට පත්කර ඇතැයි ඊශ්‍රායල සන්නද්ධ හමුදා තහවුරු කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ගාසා හි වර්තමාන යුද්ධය ඇරඹුණා.