2025 පෙබරවාරි 24, පෙ.ව. 9:50
ජර්මනියේ ඊයේ පැවති ෆෙඩරල් මැතිවරණයේදී එරට ප්‍රධාන කොන්සර්වේටිව් බලවේගය වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව සහ ක්‍රිස්තියානි සමාජ ඒකමුතුව (CDU/CSU) යන සන්ධානය සියයට 30 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ද සමගින් පළමු ස්ථානය දිනාගත්තා.
ඔවුනට ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ආසන 208 ක් පමණ හිමිවනු ඇති.
කෙසේ වෙතත් වඩාත්ම වැදගත් ප්‍රතිඵලය ලෙස දකින්නට ලැබුණේ ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂය සියයට 19.5 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවන ස්ථානයට පැමිණීමයි.
මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ අන්ත දක්ෂිනාංශික පක්ෂයක් ලබාගත් ඉහළම ප්‍රතිඵලයයි. මෙම ප්‍රතිඵලයත් සමග එම පක්ෂයට ආසන 152 ක් පමණ ලැබේ යැයි සඳහන් වනවා.
ජර්මනියේ පාලක සන් ධානයේ වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 16 ක ඡන්ද ප්‍රතිශතයක් ද සමග තුන්වන ස්ථානයට පල්ලම් බැස තිබෙනවා. එහි අනෙක් පාර්ශවකරුවා වූ හරිත පක්ෂය සියයට 13 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.
කලින් එම ආණ්ඩුවේ පාර්ශවකරුවන් වූ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට පහක ඡන්ද සීමාවට පැමිණ නැහැ. ඒ අනුව එම පක්ෂයට පාර්ලිමේන්තු ආසන ලැබෙන්නේ නැහැ. අන්ත වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති සහ කොන්සර්වේටිව් සමාජීය ප්‍රතිපත්ති සහිත වූ සාරා වාගනෙක්ට් පෙරමුණට ද සියයට පහේ සීමාව යාන්තමින් මගහැරෙන බව පෙනීගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අන්ත වාමවාදී පක්ෂයක් වන වාම පක්ෂය බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵලයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු ආසන 64 ක් පමණ දිනාගන්නා තත්ත්වයකට පැමිණ තිබෙනවා.
එළඹෙන පාර්ලිමේන්තුවේ සංයුතිය දළ වශයෙන් මේ ආකාර වනු ඇති. CDU/CSU ආසන 208, AfD ආසන 152, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ආසන 120, හරිත පක්ෂය ආසන 85, වාම පක්ෂය ආසන 64 යි.
අන් කිසිදු පක්ෂයක් AfD සමග කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන අතර සාමාන්‍යයෙන් වාම පක්ෂය සමග ද කටයුතු කරන්නේ නැහැ. මේ අනුව අලුත් සභාග ආණ්ඩුවක් පිහිටුවාගැනීමට අනෙක් පක්ෂ තුන එක්වීම අනිවාර්යය වනවා.
2025 පෙබරවාරි 24, පෙ.ව. 10:25
2025 පෙබරවාරි 23, ප.ව. 1:59
2025 පෙබරවාරි 20, ප.ව. 9:41
2025 පෙබරවාරි 20, ප.ව. 9:30
2025 පෙබරවාරි 20, ප.ව. 9:22