hit counter

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 07, ප.ව. 7:42



ජර්මනියේ පාලක සභාග ආණ්ඩුව ඊයේ බිඳවැටුණා. ඊට ආසන්න හේතුව වූයේ අගමැති ඔලාෆ් ශොල්ට්ස් විසින් මුදල් ඇමති ක්‍රිස්ටියන් ලින් ඩ්නර් තනතුරෙන් ඉවත් කිරීමයි.

මෙම සන්ධානය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක් ෂය​, හරිත පක්ෂය සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන පක්ෂ තුනෙන් සැදුම්ලත් එකක්. එහි විවිධ පාර්ශව අතර මුල පටන්ම ගැටුම් දකින්නට තිබුණා. ඊට හේතු වූයේ එක් එක් පක්ෂවලට එක් එක් න්‍යායපත්‍රයන් තිබීමයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සුබසාධන ආර්ථිකයක් වෙනුවෙන් ද හරිත පක්ෂය පාරිසරික කරුණු වෙනුවෙන් ද නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීන් ලිබරල් ආර්ථික රටාවක් වෙනුවෙන් ද පෙනී සිටිනවා.

ආණ්ඩුව තුළ මතගැටුම් උත්සන්න අවස්ථාවක් කරා ළඟාවූයේ එළඹෙන අයවැය පිළිබඳවයි. නිදහස් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට තමන් කළ උත්සාහය සභාගයේ අනෙකුත් පාර්ශව විසින් ප්‍රතික් ෂේප කෙරුණ බව ලින් ඩ්නර් පවසා සිටිනවා.

චාන්සලර් ඔලාෆ් ශොල්ට්ස් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය පළකිරීමේ යෝජනාවක් කැඳවා තිබෙනවා. එය එළඹෙන ජනවාරි 15 වනදා ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී සලකා බැලෙනු ඇති. එයින් ආණ්ඩුව පරාජය වුවහොත් මාර්තුවේදී මැතිවරණයක් කැඳවීමට සිදුවනවා.