hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 7:23



ජර්මනියේ හැම්බර්ග් නගරයේ බ්ලැන්කෙනීස දිස්ත්‍රික් පාසැලෙහි ප්‍රාණ​ඇපකරු සිද්ධියක් පිළිබඳ වාර්තා පළ වී තිබුණ අතර එම තත්ත්වය පාලනය සඳහා විශේෂ බලකා කැඳවන ලදැයි එරට මාධ්‍ය වාර්තා කළා.

දැනට වාර්තා වී ඇති පරිදි පාසැල් සිසුන් දෙදෙනකු පන්ති කාමරයක් තුළ රැඳී සිටි අතර ඉන් එක් අයකු අත අවියක් වන බවයි වාර්තා වන්නේ. ඔවුන් ගුරුවරියක රඳවාගෙන සිටි බව ද මාධ්‍ය වාර්තා කියා සිටියා.

කෙසේ වෙතත් ඉන් ස්වල්ප වෙලාවකට පසු ජර්මනියේ පුවත් සේවය වාර්තා කළේ මෙම දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි.

ප්‍රදේශයේ මාර්ග වසා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වනවා.

මෙම පාසලේ සිසුන් 1,150 ක් පමණ වන බවයි ජර්මන් මාධ්‍ය පෙන්වා දී තිබුණේ. බ්ලැන්කනීස ප්‍රදේශය හැම්බර්ග් හි වඩා ධනවත් ප්‍රදේශයක් වනවා.