hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2024 මාර්තු 05, ප.ව. 11:05



ක්‍රිමියාව සහ රුසියාවේ ක්‍රස්නදාර් පළාත අතර ඉදිකර ඇති කර්ච් පාලමට පහරදීම පිළිබඳ ජර්මන් ගුවන් හමුදාපතිවරයා ඇතුළු කිහිපදෙනකු අතර සිදුවූ සාකච්ඡාව පිටස්තර පුද්ගලයන් වෙත නිරාවරණය වූයේ එක්තරා ජර්මන් නිලධාරියකුගේ වරදකින් බව එරට ආරක් ෂක ඇමති බොරිස් පිස්ටෝරියස් පවසනවා.

එම නිලධාරියා අදාල රැස්වීමට සිංගප්පූරුවේ සිට ඔන්ලයින් ක්‍රමයෙන් එක්වී තිබුණා. ඔහු අතින් වූ වරද පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි පිස්ටෝරියස් කියා සිටියේ.

කෙසේ වෙතත් සිය සන්නිවේදන පද්ධතීන්ට පිටස්තර පුද්ගලයන් ඇතුළු වීමක් සිදුව නැතැයි ද පිස්ටෝරියස් පවසා සිටියා.

පසුගිය සිකුරාදා මෙම හඬපටය රුසියාවේ ආයතන ප්‍රධානී මාගරීතා සිමොන්යාන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබුණා.