hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 02, ප.ව. 7:56



ඉරිදා ජර්මනියේ ප්‍රාන්ත දෙකක පැවති මැතිවරණවලදී එරට අන්ත දක්ෂිනාංශික, ජාතිකවාදී පක්ෂයක් වන ජර්මනිය සඳහා විකල්පය පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුණා.

තුරින් ගියා ප්‍රාන්තයේ ආසන 90 කින් 32 ක් ජයගෙන පළමු ස්ථානයට පැමිණි එම පක්ෂය සැක්සනියේදී ආසන 40 ක් සමග දෙවන ස්ථානයට පැමිණියා. තුරින්ගියාවේදී දෙවන ස්ථානය ලබාගත් මධ්‍ය දක්ෂිනාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව ආසන 23 ක් ලබාගත්තා. සැක්සනියේදී ඔවුන් ආසන 41 ක් සමග මැතිවරණයේ ඉදිරියෙන්ම සිටියා.

මේ අනුව දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව පළමු වරට අන්ත දක්ෂිනාංශික පක්ෂයක් ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයක් ජයගත් අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.

එමෙන්ම ප්‍රාන්ත දෙකේදීම සාරා වාගනෙක්ට් පෙරමුණ තුන්වන ස්ථානය දිනාගැනීමත් විශේෂත්වයක්. එම පක්ෂය ආර්ථික වශයෙන් වාමාංශික නමුත් සාමාජීය කරුණු සම්බන්ධව දක්ෂිනාංශික පක්ෂයක්.

මේ අතර ජර්මන් මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ තුනම මෙම ප්‍රාන්ත මැතිවරණවලදී පසුබා සිටිනවා. තුරින්ගියාවේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පස්වැනි ස්ථානයට වැටුණ අතර හරිත පක්ෂය සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එහිදී කිසිදු ආසනයක් දිනාගන්නට පවා අසමත් වුණා.

මෙම මැතිවරණ දෙකෙන් මධ්‍යම ආණ්ඩුවට ඍජු බලපෑමක් නොමැති වුවද එය බරපතල පරාජයක් ලෙස සැලකෙනවා.