hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 02, පෙ.ව. 6:08



ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම උත්සාහ කළ පාසල් සිසුවෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසල් සිසුවියක් වන අතර ඝාතනය සිදු කර ඇත්තේ එම වයසේම පසුවන ශ්‍රී ලාංකික සම්භයක් ඇති පාසල් සිසුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කලක පටන් මෙම දෙපළ අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති අතර අදාළ සිසුවිය එම සම්බන්ධය නවත්වා තිබෙනවා.

ඒ හේතුවෙන් ඇති වූ වේදනාව නිසා මෙම මරණය සිදු කරන්නට ඇතැයි දැනට සැක පළ කරන බවයි වාර්තා වන්නේ.

විදෙස් ප්‍රවෘත්ති වාර්තා කර සිටියේ මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එක ම දරුවා බවයි.

ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් හයක් පමණ දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.