hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 11:56



හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල්-කාසම් බ්‍රිගේඩ හි ප්‍රකාශකයකු වීඩියෝ පටයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ සිවිල් ඉලක්ක වෙත අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවත්වන්නේ නැතිනම් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය ඇරඹීමට සිදුවන බවයි.

එමෙන්ම එම ඝාතනවල දර්ශන මුදාහැරීමට ද කටයුතු කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපකරුවන් සියයක් පමණ පැහැරගෙන ගියේ යයි අනුමාන කෙරෙනවා.

මේ අතර​, අද දින ලෙබනනයේ සිට ඊශ්‍රායලයට කඩා වැදුණේ පලස්තීන ඉස්ලමික් ජිහාඩ් සංවිධානයෙහි සාමාජිකයන් බව එම සංවිධානය පවසනවා.

ඔවුන් හිස්බුල්ලා සංවිධානයේ අනුග්‍රහය ඇතිව එම ප්‍රදේශයෙහි ද තරමක් දුරට ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ.