hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 අගෝස්‍තු 01, ප.ව. 11:05



හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කරන ලද්දේ මිසයිල ප්‍රහාරයකින් නොවන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඉරාන නිලධාරීන් දෙදෙනකු ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල නිලධාරීන් හත් දෙනකු සහ ඇමරිකානු නිලධාරියකු වෙතින් ලද තොරතුරු අනුව පදනම් ව ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක වූ බෝම්බයකින් සිදුවන්නට ඇති බවයි.

මෙම බෝම්බය හනියේ නැවතී සිටි ගොඩනැගිල්ලට ගෙන එන ලද්දේ මාස දෙකකට පමණ පෙර වන්නට ඇතැයි ද මෙම වාර්තාව පවසනවා.

තව ද මෙම ප්‍රහාරය සිදුවූ පසුව ඊශ්‍රායලය විසින් ඇමරිකාව සහ බටහිර රටවල් මේ පිළිබඳ දැනුවත් කළ බව ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා.

මීට පෙර වාර්තා වී තිබුණේ ඉරාන දේශසීමාවට ඔබ්බෙන් සිට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් මගින් හනියේ ඝාතනය කරන ලද බවයි.