2023 ජූලි 13, පෙ.ව. 11:53
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් වෙන්වී හැරී සහ මෙගන් ඇමෙරිකාවේ පදිංචියට ගිය පසු රජ පවුලේ සෙස්සන්ට වඩා සුපිරි ජීවිතයක් ගත කරන බව පෙන්නුවද එය සත්‍ය නොවන බවත් දැන් ඔවුන් බංකොලොත්භාවයට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.
ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් 95%ක් ලැබී ඇත්තේ එවකට වේල්ස්හී කුමරු චාල්‍ර්ස් කුමරුගෙන්.
බීබීසී වාර්ථාවට අනුව 2018 – 19 මූල්‍ය වර්ෂයේදි එනම් ම්වුන් විවාහ වී පළමු වර්ෂයේදී සිදුකළ මහජන සේවාවන් වෙනුවෙන් පවුම් මිලියන 5කට වඩා ගෙවා තිබුණා.
ඊට අමතරව තවත් මුදල්ද ඔවුන්ට ලබාදී තිබුණා.
මීට අමතරව සසෙක්ස් මීඩියා සමාගමෙන් නිෂ්පාදනය කරන විවිධ වැඩසටහන් නෙට්ෆ්ලික්ස් වෙත ලබා දී තිබෙන අතර එයින් ඩොලර් මිලියන ගනනක ආදායමක් ලැබී තිබුණා.
මේ වැඩසටහන් අතර රජපවුලේ රහස් ලොවට හෙළි කරන වැඩසටහන්ද වෙනවා.
හැරී සහ මේගන් පවුලේ රහස් සහ තම තමන් රාජකීය පවුල සමඟ ලද අත්දැකීම් පවසමින් ඒවා මුදල් උපන මාර්ග බවට පත් කරගෙන තිබුණා.
රජ පවුල දැඩි ලෙස විවේචනය කළ හැරී කුමරුගේ Spare ක්‍ර්තියෙන්ද ඔවුන් හොඳ ආදායමක් ලබා තිබුණා.
මේ පිටුපස සිටින මහමොළකාරිය මේගන් බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.
මේගන් හැරීගෙන් දික් කසාද වන බවට සහ ඔවුන් බංකොලොත් යුවලක් බවට පත් වී ඇති බවට රාවයක් පැතිර යද්දි මේගන් නැවත හොළිවුඩයට එක් වන පුවතක්ද පළ වී තිබෙනවා.
කෙසේ වෙතත් විවාහයෙන් පස් වසරකට පසුව මේ දෙදෙනා මාවත් දෙකක ගමන් කරන බව පෙනෙන බවයි බොහෝදෙනා පවසන්නේ.
ආරංචි මාර්ගවලට අනුව මේ දෙපළ වෙන වෙනම කාමර දෙදෙක ජීවත් වෙන බවත් ලඟදීම දික්කසාද වීමට නියමිත බවට පුවත් පළ වෙතැයි මාධ්‍ය ප්‍රකාශකයන් බලාපොරොත්තු වෙනවා.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46