2023 නොවැම්‍බර් 02, ප.ව. 11:36
ඊශ්‍රායලය විසින් ගුවන් ගත කෙරුණ ඩ්‍රෝනයක් බිම දැමූ බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද කියා සිටියා.
මේ සමගම ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ලෙබනනය දෙසින් සිදුවූ ගැටුම්වලදී හිස්බුල්ලා සංවිධානය විසින් බිම දැමූ දෙවන ඊශ්‍රායල ඩ්‍රෝනය බවයි එම සංවිධානය පවසන්නේ. මෙය ගොඩබිම සිට ගුවනට එල්ල කෙරෙන මිසයිල ප්‍රහාරයකින් බිම දැමුණ බව හිස්බුල්ලා සංවිධානය පවසනවා.
ඊශ්‍රායල හමුදා ද මෙවන් ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රකාශ කළත් ඩ්‍රෝනයකට සිදුවූ හානිය ගැන ඔවුන් කිසිවක් පවසන්නේ නැහැ. එමෙන්ම එම ප්‍රහාරය එල්ල කළ ස්ථාන වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් හිස්බුල්ලා සංවිධානය පවසනවා.
ඔක්තෝබර් 29 වනදා ද ඊශ්‍රායල ඩ්‍රෝනයක් බිමදැමී යයි හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳව ද ඊශ්‍රායලය තහවුරු කළේ නැහැ.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55