hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 9:26



හිස්බුල්ලා සංවිධානය සතුව ඇති නෞකාවලට පහරදීමේ හැකියාව සහිත මිසයිල පිළිබඳ ඇමරිකාව විමසිල්ලෙන් සිටින බව වාර්තා වනවා.

රොයිටර්ස් පුවත් සේවයෙහි වාර්තාවකින් කියැවුණේ ඇමරිකානුවන් හිස්බුල්ලා සංවිධානය සතු අවි ආයුධ පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බවයි.

ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකාව සිය ගුවන් යානා ගෙනයන නෞකා දෙකක් මධ්‍යධරණිය වෙත පිටත් කළා. එම නෞකා යැවීමේ අරමුණ වූයේ සටන් සඳහා අනෙකුත් කණ්ඩායම් සම්බන්ධ වීම වැළැක්වීම බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් මෙම නෞකා තමන්ව බියවද්දන්නේ නැති බව පසුගිය සිකුරාදා කළ ප්‍රසිද්ධ කතාවේදී හිස්බුල්ලා මහ ලේකම් හසන් නස්රල්ලා කියා සිටියා. මේ අතර ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ගාසා හි සටන් විරාමයක් සඳහා කටයුතු නොකරන්නේ නම් ඇමරිකානු ඉලක්ක ද ප්‍රහාරයට ලක්විය හැකි බවයි.

මේ අතර ඊයේ ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ඉලක්ක විස්සකට පමණ ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණා. මේ අතර හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායල ඉලක්ක දෙකක් වෙත යුධ ටැංකි නාශක අවිවලින් පහර දී තිබුණා.