hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජනවාරි 25, ප.ව. 7:26



රතු මුහුදේ ඇතිවූ ගැටුමකදී ඇමරිකානු යුධ නැවක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව හූති කැරලිකරුවන් පවසනවා.

හූති ප්‍රකාශක යාහ්යා සරී කියා සිටියේ රතු මුහුදේදී පැය දෙකක පමණ කාලයක් තිස්සේ ඇතිවූ ගැටුමකදී මෙසේ යුධ නැවට පහර වැදුණ බවයි. එම නැව සහ තවත් ඇමරිකන් නැව්, වෙළෙඳ නැව් දෙකකට ආරක්ෂාව සපයමින් සිටි බවයි ඔහු පැවසූයේ.

කෙසේ වෙතත් සිය නෞකාවකට පහරක් වැදුණ බව ඇමරිකානු මධ්‍යම විධානය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ සිය නෞකා අසළට එල්ල වූ මිසයිල ප්‍රහාර තුනක් අසාර්ථක වූ බවයි.