2023 නොවැම්බර් 12, පෙ.ව. 10:36
ඊශ්‍රායල හමුදා සේනාංක ඊයේ සන්ධ්‍යාව වනවිට එක් පසකින් ගාසා හි අල්-ශිෆා රෝහල අසළට පැමිණෙමින් සිටි බව වාර්තා වුණා. රෝහලෙහි ඉහළ සිට බැලූ කල ඊශ්‍රායල හමුදා දර්ශනය වූ බවයි වාර්තා වූයේ.
කෙසේ වෙතත් ඔවුන්ට හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් වෙතින් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වී තිබෙනවා.
මේ අතර අල්-ශිෆා රෝහල සමග සන්නිවේදනය බිඳවැටී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද අලුයම කියා සිටියා. කෙසේ වෙතත් රෝහල වටලා ඇතැයි ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය කියා සිටියේ එහි ප්‍රතිකාර ලබන ළදරුවන් වෙනත් රෝහලක් වෙත ගෙන යාම සඳහා තමන් සහය දීමට සූදානම් බවයි.
මේ අතර අල්-නසර් සහ රන්තිසි රෝහල් අසළ ද දරුණු සටන් වාර්තා වුණා. ඊශ්‍රායලය එම රෝහල් වටලාගෙන සිටින බවයි සඳහන් වන්නේ. හමාස් සංවිධානයේ භූගත හමුදා මූලස්ථානය අල්-ශිෆා රෝහලට යටින් වන බව ඊශ්‍රායලය පවසනවා. එමෙන්ම ඔවුන් චෝදනා කරන්නේ අනෙකුත් රෝහල් යට ද භූගත සංකීර්ණ සහ උමං ඇති බවයි.
මේ අතර තමන් ඊශ්‍රායලයේ සන්නද්ධ රථ හයක් දිනය තුළ විනාශ කළ බව හමාස් සන්නද්ධ අංශය වන ඉස්-අද්දීන් කාසම් බ්‍රිගේඩ ඊයේ කියා සිටියා.
ඊශ්‍රායල සන්නද්ධ අංශ කියා සිටියේ හමාස් හි නසර්-රද්වාන් කණ්ඩායමේ අණදෙන නිලධාරී අහමඩ් සියාම් නමැත්තා මරාදැමීමට තමන් සමත් වූ බවයි. ඔහු විසින් රන්තිසි රෝහලේ රැඳී සිටි 1000 ක් පමණ පිරිසට ඉන් ඉවතට යාමට නොදී රඳවාගෙන සිටි බවට ඊශ්‍රායලය චෝදනා කරනවා. ශින් බෙට් බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම පුද්ගලයා ඝාතනය කළ බව ඊශ්‍රායල සන්නද්ධ අංශ කියා සිටියා.
ගාසා හි මියගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගිය බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි කියා සිටියා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16