hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 03, ප.ව. 5:26



රාජ්‍ය රහස් පිටකිරීම පිළිබඳ චෝදනාවලට වරදකරු කර සිටි හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ හිටපු විදේශ ඇමති ෂා මහමූඩ් කුරේශි එම චෝදනාවලින් නිදහස් කිරීමට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් මහාධිකරණය අද නියම කළා.

කෙසේ වෙතත් වෙනත් නඩු මත ඔවුන් දෙදෙනාම තවදුරටත් බන්ධනාගාරගතව සිටිනු ඇති.

මෙම නඩුව පනවන ලද්දේ 2022 දී සිදුවූ සිද්ධියක් අරභයා යි. තම ආණ්ඩුව පෙරළා දැමීමට ඇමරිකා එක්සත් ජනපදය කුමන්ත්‍රණය කරතැයි තමන් සතුව ලියවිලි තිබෙන බව ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඔහු එවන් ලියවිල්ලක් ද එහිදී පෙන්වූ නමුත් එහි අන්තර්ගතය පැහැදිලි වූයේ නැහැ. කෙසේ වෙතත් ඉන් අනතුරුව එම ලියවිල්ල අස්ථානගතවීමක් පිළිබඳ වාර්තා වුණා. මේ කරුණු අරභයා ඉම්රාන් සහ කුරේශිට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුණ අතර ඔවුන්ට වසර දහයක සිර දඬුවම් නියමව තිබුණා.

ඔවුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ඉස්ලාමාබාද් මහාධිකරණය කටයුතු කළේ ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුවයි.