hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2025 නොවැම්‍බර් 26, ප.ව. 10:49



පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවර අදියාලා බන්ධනාගාරයෙහි රඳවා සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මියගිය පුවතක් සමාජ මාධ්‍යයන් හි සංසරණය වීමට පටන් ගෙන තිබෙනවා.

මේ බව වාර්තා කර තිබුණේ බලෝචිස්ථාන විදේශ අමාත්‍යංශය නමින් පෙනී සිටින X ගිණුමක් විසින්.

කෙසේ වෙතත් ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයන්, ඔහුගේ පක්ෂය වන පාකිස්ථාන් තෙහෙරීක්-ඊ-ඉන්සාෆ් හෝ පාකිස්ථාන රජය මේ පිළිබඳ කිසිවක් සඳහන් කර නැහැ.

මේ අතර ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා චෝදනා කර තිබුණේ තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා විරෝධතාවයක් දැක්වූ අවස්ථාවේ ඔවුනට පොලිස් පහරදීමක් සිදුවූ බවයි. ඔවුනට ඉම්රාන් ඛාන් හමුවීමට අවසර ලැබී නැහැ.