2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 9:11
භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමේ අරමුණ ඇතිව ඒකරාශී ව සිටින “ඉන්දියා” සන්ධානය විසින් 14 දෙනකුගෙන් යුක්ත සම්බන්ධීකරණ කමිටුවක් පත්කරගෙන තිබෙනවා.
මෙම කමිටුවට අයත් සාමාජිකයන් වන්නේ කොන්ග්‍රස් පක්ෂයේ කේ. සී. වෙනුගෝපාල්, ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයේ ශරද් පවාර්, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ටී. ආර්. බාලු, ජාර්කන්ඩ් මුක්ති මෝර්චා හි හේමන්ත් සොරෙන්, ශිව් සේනා (උද්දව් බාල් ටාකරේ) හි සන්ජේ රවුට්, රාෂ්ත්‍රීය ලෝක් දල් හි තේජස්වි යාදව්, ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂයේ අභිෂේක් බැනර්ජි, ආම් ආද්මි පක්ෂයේ රාඝව් චඩ්ඩා, සමාජවාදී පක්ෂයේ ජාවෙඩ් අලි ඛාන්, ජනතා දල් (එක්සත්) හි ලාලන් සිං, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ ඩී. රාජා, ජම්මු සහ කශ්මීර් ජාතික කොන්ග්‍රසයේ ඔමාර් අබ්දුල්ලා සහ ජම්මු සහ කශ්මීර් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මෙහ්බූබා මුෆ්ති යන අය යි. මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් කමිටුවට සාමාජිකයකු පත්විය යුතු නමුත් ඔහු හෝ ඇය මෙතෙක් නම් කර නැහැ.
2024 මහමැතිවරණය සඳහා එක් එක් පක්ෂ තරග කරන ආසන පිළිබඳ එකඟතාවයන්ට පැමිණීම කඩිනම් කිරීමට පක්ෂ එකඟ වී තිබෙනවා. එමෙන්ම ඔවුන් තීරණය කර ඇත්තේ හැකි තරමින් එක්සත්ව බීජේපී ආණ්ඩුවට විරුද්ධව මැතිවරණයට මුහුණදීමට යි. ඒ සඳහා ඒකාබද්ධ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා. මේ සඳහා 19 දෙනකුගෙන් යුක්ත මාධ්‍ය කමිටුවක් හා 12 දෙනකුගෙන් යුක්ත සමාජ මාධ්‍ය කමිටුවක් ද ඔවුන් විසින් පත්කරගනු ලැබුණා.
ඊයේ සහ අද මුම්බායි නගරයේදී සන්ධානයේ තුන්වන රැස්වීම පැවති අතර එහිදී මේ කරුණු පිළිබඳ එකඟතාවයන්ට මෙම පක්ෂ පැමිණ තිබෙනවා.
2025 මාර්තු 13, ප.ව. 1:57
2025 මාර්තු 12, ප.ව. 11:08
2025 මාර්තු 12, පෙ.ව. 11:18
2025 මාර්තු 11, ප.ව. 10:04
2025 මාර්තු 09, ප.ව. 11:58