hit counter

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 07, පෙ.ව. 4:05



ඉන්දියාව විසින් පාකිස්ථානයේ සහ පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ත්‍රස්ත ඉලක්ක නවයක් වෙත පහර දුන් බව එරට බලධාරීන් පවසනවා.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්ට අයත් කිසිදු ඉලක්කයකට පහරදීමක් සිදු නොවූ බවයි ඉන්දියාව පවසන්නේ. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ ඔපරේශන් සින්ධූර් යනුවෙන්.

මෙසේ ප්‍රහාර එල්ල වූ ඇතැම් ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර වැදී ඇති බව තහවුරු වී තිබෙනවා.

පාකිස්ථානය නිවේදනය කළේ තමන් ඉන්දියාවේ මෙම ක්‍රියාවට නිසි ප්‍රතිචාර දක්වන බවයි. තවද පාකිස්ථාන ජාතික ආරක්ෂක කවුන්සිලය අද උදෑසන කැඳවා තිබෙනවා.