hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 26, ප.ව. 4:15



ඉන්දියානු නාවික හමුදා සේවයට අද දින තවත් නවීන ස්ටෙල්ත් මිසයිල ඩෙස්ට්‍රෝයර් නෞකාවක් එකතු වුණා.

මෙම නෞකාව සේවයට එක්වූයේ ආරක්ෂ අමාත්‍ය රාජ්නාත් සිංගේ ප්‍රධානත්වයෙන් මුම් බායි හිදී පවත්වන ලද උත්සවයකදී යි.

විශාකපට්නම් පන්තියේ යුධ නෞකාවක් වන ඊට නම් තබා ඇත්තේ INS ඉම්පාල් යනුවෙන්. මේ අනුව ඊසානදිග නගරයක නමින් ප්‍රධාන පෙළේ ඉන්දියානු යුධ නැවක් නම් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාවේ බ්‍රහ්මෝස් සුපර්සොනික් මිසයිල ඇතුළු මිසයිල පද්ධතියකින් සන්නද්ධ වන මෙම නෞකාවේ දිග මීටර් 164 ක් වනවා. එමෙන්ම මෙය සියයට 75 ක් දේශීයව නිපදවන ලද්දක්.

ඉන්දියානු නාවික හමුදාපතිවරයා මෑතකදී අවධාරණය කරන ලද්දේ ඉන්දීය ආරක්ෂක අංශ වඩ වඩාත් දේශීයකරණය වීමේ වැඩපිළිවෙල යටතේ නාවික හමුදාව සැලකියයුතු සාර්ථකත්වයක් ලබා ඇති බවයි.

විශාකපට්නම් පන්තියේ යුධ නැව් හතරක් 2024 වනවිට සේවයට එක් කිරීම නාවික හමුදාවේ අපේක්ෂාව වන අතර INS ඉම්පාල් යනු එහි තුන්වන නෞකාවයි.