hit counter

2025 ජූනි මස 24 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 12:17



ඉන්දියාව වර්තමානයේ සිටින්නේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක බවත් කෝවිඩ් වසංගතයෙන් අනතුරුව එළඹෙන නව ලෝක පර්යාය හැඩගැස්වීමේ වැදගත් කාර්යයභාරයක් ඊට කළ හැකි බවත් එරට 77 වන නිදහස් දිනයේදී ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළා​.

ඓතිහාසික රතු බලකොටුවෙහි සිට ජාතිය ඇමතූ මෝදි සඳහන් කළේ 2014 වනවිට ලොව දසවැනි ආර්ථිකය වූ ඉන්දියාව වර්තමානය වනවිට පස්වැනි ස්ථානය කරා පැමිණ ඇති බවයි. ඉදිරි වසර පහ තුළ රටවැසියා වෙත දීප්තිමත් ඉන්දියාවක් දායාද කිරීමට තමන් ප්‍රතිඥා දෙන බව ද ඔහු කියා සිටියා.

ඉන්දියාවට ඇති විභවය මනා සේ උපයෝගී කරගැනීමට ඇති අවස්ථාව මගහැර නොගන්නා ලෙස ඉල්ලා සිටි මෝදි වර්තමානයේ ගන්නා තීරණ ඉදිරි වසර දහස තුළ ඉන්දියාවේ අනාගතය තීරණය කරනු ඇතැයි කියා සිටියා.