hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජනවාරි 07, ප.ව. 8:49



මාලදිවයින සහ ඉන්දියාව අතර මේ දිනවල ඇතිවී ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරියන් දෙදෙනකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ධුරයන් අත්හිටුවීමට එරට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කියා සිටිනවා.

මෙම ආරවුලට හේතු වූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලක්ෂද්වීප් දිවයින් හි කළ සංචාරයකට පසුව මාලදිවයිනේ දේශපාලකයන් කිහිපදෙනකු කළ ප්‍රකාශයි.

මෝදිගේ ලක්ෂද්වීප් සංචාරය හේතුවෙන් සංචාරක ස්ථානයක් ලෙස ලක්ෂද්වීප් පිළිබඳ කතාබහක් ඇතිවුණා. ඒ සමගම මාලදිවයින් මන්ත්‍රීවරයකු සිය X ගුණිමේ සඳහන් කර තිබුණේ මාලදිවයිනට සාපේක්ෂව ලක්ෂද්වීප් හි සේවාවන් හා පහසුකම් අඩු බවයි.

එයින් අනතුරුව ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් මාලදිවයිනට එරෙහිව අදහස් දක්වන්නට වුණා. එමෙන්ම #BoycottMaldives යන හෑෂ්ටැගය X හි ජනප්‍රිය වන්නට පටන් ගැණුනා. එමෙන්ම සුප්‍රකට පුද්ගලයන් කිහිප දෙනකුම ලක්ෂද්වීප් ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යයට එක්ව සිටියා. ඒ අතර ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සහ ප්‍රකට නළු අක්ශේ කුමාර් ද වුණා.

මේ අතර මාලදිවයින් නියෝජ්‍ය අමාත්‍යවරියක අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාසාත්මක වන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා. ඇය සඳහන් කළේ මෝදි විහිළුකාරයකු බව සහ ඊශ්‍රායලයේ කීමට කටයුතු කරන්නකු බවයි.

මේ සමගම තවත් දේශපාලකයන් කිහිපදෙනකු විවිධ ප්‍රකාශ කර තිබූ අතර ඉන්දියාව ඒ පිළිබඳ සිය අප්‍රසාදය දැක්වූවා.

මාලදිවයින් ආණ්ඩුව තත්ත්වය පාලනය කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ කළ අයට එරෙහිව කටයුතු කරන බව කියා සිටියා.