hit counter

2025 ජූනි මස 09 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 8:03



ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් සිය පළමු සූර්යය පර්යේෂක යානය වන ආදිත්‍ය L-1 යානය අද දින අභ්‍යවකාශගත කළා.

ආන්ද්‍රා ප්‍රදේශ් හි සතීෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෙරවරු 11.50 ට මෙම යානය සූර්යයාගේ ගතික සංසිද්ධීන් පරීක්ෂා කරනු ඇතැයි සඳහන්. විවිධ සංසිද්ධීන් පරික්ෂා කිරීමට අවශ්‍ය උපකරණ හතක් යානය සමග යවනු ලැබ තිබෙන බවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ.

මෙම උපකරණ අතර Visible Emission Line Coronagraph, Solar Ultraviolet Imaging Telescope (සූර්යය අධෝරක්ත ඡායාරූපකරණ දුරේක්ෂය​), Aditya Solar wind Particle Experiment (සූර්යය සුළං පරීක්ෂක උපකරණය​), Plasma Analyser Package for Aditya (ප්ලාස්මා පරීක්ෂක උපකරණය​) යන ඒවා ද වනවා.

සූර්යය සුළං සහ ඒ මගින් අභ්‍යවකාශයේ වන කාලගුණික බලපෑම් අධ්‍යයනය​, සූර්යයාගේ කොරෝනාවේ (පිටත රැස් වළල්ලේ) ස්වභාවය අධ්‍යයනය කිරීම යන කටයුතු ද මේ මගින් සිදුකිරීමට බලාපොරොත්තු වනවා.