hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 09, ප.ව. 12:17



ඉන්දියාව ඕමානයේ ඇති ජගුවර් ප්‍රහාරක ගුවන් යානා ලබාගැනීමට සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරනවා.

1960-70 සමයේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඒකාබද්ධව නිපදවන ලද ජගුවර් ප්‍රහාරක ගුවන් යානය අද වනවිට භාවිතයේ තිබෙන එකම රට ඉන් දියාවයි.

ඉන්දියාව මෙම යානයේ නිශ්පාදකයන් වෙතින් ලබාගත් අවසරය මත 1980 දශකයේ සිට ඒවා ඉන්දියාවේදී ද නිපදවූ අතර නාවික හමුදාව සඳහා වැඩිදියුණු කළ මොඩලයක් ද නිපදවනු ලැබුණා.

විවිධ මාදිලියේ ජගුවර් යානා 160 ක් පමණ ඉන්දියාව නිපදවා තිබෙනවා. කෙසේ වෙතත් ඒවායේ අමතර කොටස් ලබාගැනීම පිළිබඳව ඔවුන් මේ අවස්ථාවේ අර්බුදයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. කිසිදු නිශ්පාදකයකු එම අමතර කොටස් නිපදවන්නේ ද නැහැ.

මෙම වසර තුළදී ඉන්දියානු ජගුවර් ගුවන් යානා තුනක් කඩා වැටුණා. නියමුවන් තිදෙනකු ද මියගියා.

ඕමානයේ භාවිතයෙන් ඉවත් කළ ජගුවර් යානා 20 – 24 ක් අතර තිබෙන බව වාර්තා වනවා. ඒවා ලබාගෙන එහි අවශ්‍ය අමතර කොටස් ගලවාගෙන පැමිණීම ඉන්දියානු බලධාරීන් ගේ අපේක්ෂාව බවයි සඳහන් වන්නේ.