2023 අගෝස්තු 30, ප.ව. 3:03
ඉන්දියාවේ “ඉන්දියා” විපක්ෂ සන්ධානයෙහි මීළඟ හමුව අගෝස්තු 31 වනදා සහ සැප්තැම්බර් 1 වනදා මුම්බායි හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ සඳහා කොන්ග්‍රස් පක්ෂයේ සෝනියා ගාන්ධි ද සහභාගී වීමට නියමිතයි. එමෙන්ම සන්ධානයේ සලකුණ එළිදැක්වීම ද මෙහිදී සිදුවීමට නියමිත අතර 2024 මහමැතිවරණ උපක්‍රම පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.
දැනට පක්ෂ 26 කින් යුක්ත මෙම සන්ධානය මීට පෙර අවස්ථා දෙකක දී මුණගැසුණු අතර ඔවුන්ගේ සන්ධානයේ නම එළිදැක්වූයේ බැංගලෝරයේදී සිදුවූ දෙවන හමුවේදී යි.
කෙසේ වෙතත් සිය අගමැති අපේක්ෂකයා කවරකු වේදැයි මෙතෙක් “ඉන්දියා” සන්ධානය ප්‍රකාශ කර නැහැ. ඒ පිළිබඳ නිවේදනයක් මුම්බායි හමුවේදී සිදුකෙරෙනු ඇති ද යන්න මෙතෙක් පැහැදිලිව නැහැ.
2025 අගෝස්තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38