hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59



ඉන්දියාවේ රාජ්‍ය තෙල් සමාගම් වන ඉන්දියන් ඔයිල්, භාරත් පෙට්‍රෝලියම් සහ හින්දුස්ථානි පෙට්‍රෝලියම් වැනි ආයතන සතියකින් පමණ රුසියාවෙන් තෙල් මිලට ගෙන නැතැයි රොයිටර්ස් පුවත් සේවය නොබෝදා වාර්තා කළා.

රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට එරෙහිව ද්විතීයික තීරුබදු පනවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ස්ම්ප් විසින් කළ තර්ජනය හමුවේ මෙම ප්‍රවණතාවය වාර්තා වනවා.

යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසු රුසියාවට එරෙහිව ක්‍රියාත්මක වූ සම්බාධක හේතුවෙන් එරට ලෝක වෙළෙඳපොලේ මිලට වඩා අඩුවෙන් තෙල් අලෙවි කිරීමට වුණා. ඉන්දියාව එම අවස්ථාව උපයෝගී කරගෙන රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ඇරඹුවා.

ඉන්දියාවේ පෙට්‍රෝලියම් අමාත්‍ය හර්දීප් සිං පූරි නොබෝදා කියා සිටියේ තම රට තමන්ට අවශ්‍ය තැනකින් තෙල් මිලට ගන්නා බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ කළේ ලෝක වෙළෙඳපොලේ තත්ත්වය සහ ගෝලීය දේශපාලන තත්ත්වය සලකා බලා තමන් එම තීරණය ගන්නා බවයි. විදේශ අමාත්‍යංශ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ද එම අදහස ඊයේ ප්‍රකාශ කළා.