hit counter

2025 අගෝස්‍තු මස 01 වන සිකුරාදා

2025 ජූලි 31, ප.ව. 11:15



ඉන්දියාව සහ රුසියාව අතර කවරාකාරයේ ගනුදෙනු කරගත්ත ද තමන්ට කම් නැති බවත් ඒ දෙරටෙහිම ආර්ථිකයන් මියගිය ආර්ථිකයන් හෙයින් ඔවුන්ට එක්ව කඩාවැටීමට හැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ ඉන්දියාව සමග ඇමරිකාව එතරම් ගනුදෙනු නොකරන බවයි. රුසියාව සමග ද වෙළඳාමක් නොමැති බවත් එය ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ඉන්දියාව සහ ඇමරිකාව අතර 2024 දී ඩොලර් බිලියන 129.4 ක වෙළෙඳ ගනුදෙනු සිදුවූ බව ඇමරිකානු සංඛ්‍යාලේඛන පවසනවා.

මේ අතර ඇමරිකාව පාකිස්ථානය සමග වෙළෙඳ එකඟතාවයක් කරා එළඹ තිබෙනවා. පාකිස්ථානයේ තෙල් සම්පත් ගවේෂණය සඳහා ඇමරිකාව ආයෝජනය කරන බවත් අනාගතයේ දිනෙක ඉන්දියාවට පාකිස්ථානයේ තෙල් මිලට ගැනීමට වුවද හැකි වනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.