2024 ජනවාරි 14, ප.ව. 7:45
හෙට, ජනවාරි 15 වනදා, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමට ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වෙන තරගවලින් පළමුවැන්න පැවැත්වෙනවා. එය සිදුවන්නේ අයෝවා ප්රාන්තයේදි. මෙය සිදුවන්නේ කුඩා රැස්වීම් (caucuses) ලෙසයි.
කෙසේ වෙතත් ප්‍රදේශයට බලපා ඇති දැඩි ශීත කාලගුණය සහ හිම පතනය නිසා මෙම රැස්වීම් සඳහා පැමිණෙන පිරිසෙහි අඩුවක් වෙන්න ඉඩ තිබෙනවා.
අයෝවා හි තරග වැදගත් වන්නේ එය ජනාධිපතිවරණයක ප්‍රයිමරි ඡන්ද විමසීම් පවත්වන පළමු ප්‍රාන්තය වීම නිසයි. 1972 සිට එම සම්ප්රදාය අද වනතුරු පවතිනවා.
අයෝවා හි රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන් අතරින් වැඩි පිරිසකගේ මනාපය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලැබෙන බව පෙනී යනවා. මේ අතර දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලි මේ වනවිට දෙවන ස්ථානයට පැමිණ ඇතැයි සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබුණා. අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් වන්නේ ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් සහ ව්‍යවසායක විවේක් රාමස්වාමි යන අය යි.
ඩිමොක්රටික් පක්ෂයෙන් ජනාධිපති ජෝ බයිඩන් සහ තවත් අපේක්ෂකයන් දෙදෙනකු තරග කළත්, බයිඩන්ට විශාල අභියෝගයක් ඇතැයි පෙනෙන්නට නැහැ.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16